රුහුණෙන් සියනෑවට ඇවිත් නොයෙක් ජරමරවලට පැටළුණු ගැමුණු පහුගිය ටිකේම අලි පාටියේ ලොක්කා රැකගන්න මාර ගේමක් ගැහුවා. අරලිය මන්දිරේම නැවතිලා හිටිය මෙයා අලි පාටියේ පාක්ෂිකයෝ එක්ක ලොක්කා ගැන හොඳමලු කිව්වේ.
මේ අස්සේ මෙයා සියනෑවේ මිනිස්සුන්ටයි, පූජකවරුන්ටයි කිය කියා යනවලු අලි පාටියේ අයගෙන් බේරිල්ලක් නෑ සියනෑවෙන් ඉල්ලන්න කිව්වා කියලා. මේක මෙයා සමහර මන්තිරිලටත් කියලලු.
කොහොම හරි මේක ආරංචි වෙලා අර පුංචි දාසටයි එයාගේ කට්ටියටයි. මේ ගැන කතා වෙලා කට්ටිය ගිහින් මහ තැන් වලට කිව්වලු ගැමුණුව දානවා නම් කිසි කෙනෙක් උදව් කරන්නේ නෑ කියලා. ඒ නිසා දාන්න එපා කිව්වලු. හැබැයි ගැමුණුත් එක එක්කෙනා අතේ ඉහළ තැනට පණිවිඩ යවලලු, මම ඉල්ලුවොත් සියනෑව දිනෝනවා කියලා. ඒත් ගොඩක් අය විරැද්ධ නිසා වැඩේ අවුල් වෙලාලු. දැන් ගැමුණු කරකියා ගන්න විදිහක් නැතුවලු ඉන්නේ.