2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

අර මිනිස්සුන්ටත් මොනවා හරි දෙනවද?

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 1170

ඒකාබද්දෙන් ඇවිත් අලුත් ආණ්ඩුවෙ රාජ්‍ය මට්ටමේ ඇමැතිකමක් ගත්ත කෙනෙක් ගිහිල්ල හිටපු ලොකු තැන හෙවත් අලුත් දෙවැනි මහත්තය හම්බවුණා...

උන්නැහේ හිටපු ලොකු තැන හෙවත් දෙවැනි මහත්තයා හම්බවුණේ දුක්ගැනවිල්ලක් කියන්නලු.

එයාගෙ දුක් ගැනවිල්ලෙන් කියැවුණේ ඒකාබද්දෙ ප්‍රබල සටන් සගයො ගොඩක් ඉන්දෙද්දි උන්නැහේ පට්ටමක් ලබාගැනීම ගැන තමන්ගෙ රුහේ අයම එයාට තදින් දොස් කියනවය කියන කතාවයි.

අනේ සර්... මට බණින්නෙ අපේ මිනිස්සුනේ... ඒ හින්ද සර් අපේ කණ්ඩායමේ තවත් කාට කාට හරි මට වගේ ඇමැතිකම් දීලා මාව මේ බැණුම් ඇහිල්ලෙන් බේරගන්නකෝ... කියලා දෙවැනි මහත්තය ඉස්සරහ අඬෝවැඩියාවක් දාපු රාජ්‍ය මට්ටමේ ඇමැති... දෙවැනි මහත්තය වටේ ඉන්න අයටත් මේ කතාවම කිය කියා ලතවෙනවලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00