පොහොට්ටුවෙ ලොකුලියන මහත්තය කරපු කතාවක් නිසා දේශපාලන ගින්නක් පත්තුවුණා... උන්නැහේගෙ ප්‍රකාශයෙන් කියැවුණේ ඊළඟ මහ පුටු ඡන්දෙට අපේක්ෂකය ඉදිරිපත් කරන්නෙ කොහෙන්වත් නොවේ පොහොට්ටුවෙන් කියලයි.
මේ ප්‍රවෘත්තිය පළවෙනකොට අගමැතිකම් කරන හිටපු ලොකුතැන හිටියෙ ගමේලු. පොහොට්ටු මහ ලේකම් කරපු කතාව දැනගත්ත හිටපු ලොකුතැනට අසූහාරදාහට කේන්ති ගියා... ඒ ගමන එහා ටෙලිෆෝන් එක අරගෙන පොහොට්ටු ලොක්කට මදිය නොකියන්න හොඳවැයින් දෙකතුනක් කීවලු...
කොහොම හරි මේ කතාව සැරට පත්තුවෙලා ගිහිල්ල ජනපති හිතවතුනුත් කැළඹිලා හිටියලු. උන්නැහේලා කැඳවපු පක්ෂ රැස්වීමකදී මේක ගැන සැර ප්‍රශ්න මතුකළා. ගෝරිය සැරට යනකොට පොහොට්ටුවෙ න්‍යායාචාර්ය බැසිල් උන්නැහැ හදිසියෙම රටේ ලොකු මහත්තයා බැහැදැක්කා.... තමන්ගෙ පාටියෙ ලේකම් දුරදිග නොසිතා කළ කතාව ගැන පැහැදිලි කරල ආණ්ඩුවෙ අනාගත සැලසුම ගැනත් කීවලු....
මේ කතාබහ ඉවරවුණ ගමන් අත පාටියෙ ලොකු ලියන මහත්තය වන ආචාරියතුමා නිවේදනේ කළේ ඊළඟ මහ පුටු සටනට අපි තරග කරන්නෙ පුටුවෙන් කියලයි....