2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

අලිපාටියෙන් එන්නෙ කවුද?

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 549

ඊයෙ පෙරේදා දවසක උඩරට සීතල පළාතක අලි පාටියෙ ලොක්කන්ගෙ දේශපාලන රැස්වීමක් තිබුණා. නුවරට - එළිය පේන දිසාව නියෝජනේ කරන අලි පාටියෙ ප්‍රබලයෙක්ගෙ ප්‍රධානත්වයෙන් තිබුණු මෙම රැස්වීමෙදි හුඟක් දෙනෙක්ගෙ අවධානෙ යොමුවුණේ අලි පාටියෙන් ඊළඟ මහපුටු සටනට එන්නෙ කවුද කියන ප්‍රශ්නයයි.

තවමත් තමන්ගෙ මහපුටු අපේක්ෂකය තෝරල නැත කියල පාටියෙන්ම නිවේදන නිකුත්වෙලා තියෙන පසුබිමේ මේ ප්‍රශ්නයට තමන්ගෙ දිසාවෙ නායකයගෙන් උත්තරයක් බලාපොරොත්තුව පක්ෂ ජ්‍යෙෂ්ඨයො බලා හිටියා. ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැන තමන්ගෙ නමත් කියැවෙන බව දත් මෙම දේශපාලන බලවතා නැගිටල පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට ඊළඟ ජනාධිපති ධූර අපේක්ෂකය ගැන කිව්වෙ අමුතු කතාවක්...

මේ පාර එන්නෙ අපේ පක්ෂයෙ අපේක්ෂකයෙක්. ඒ අපේක්ෂකය ස... ද?.... න.... ද?.... ම.... ද? කියලා දැන්ම කියන්න බැහැ... සමහරවිට ඊට වඩා ලොකු කෙනෙක් වෙන්නත් පුළුවනි.... උඩරට ලොක්කා එහෙම කියලා අලි පාටියෙ මහපුටු අපේක්ෂක කතාවට තිත තිබ්බ.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00