2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ආයෙමත් මාතර සුනිල්

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 582

අලි පාටියේ පසුපෙළ අලි පැටව් අතරේ රහසිගත කතාවක්ලු මේ ළඟදී. මොකක්වත් නෙමෙයි පොලිසියේ මහ තැන ඉවත්වෙන්නේ නැති එක ගැන ගැනලු. මේ අතරේ එක්කෙනෙක් කියනවලු ලොක්කන්ට කොච්චර කිව්වද ඒත් යවන්නේ නෑනේ කියලා.

මේ අතර එක්කෙනෙක් කියනවලු දාමුද අපි බැනලා පත්තරේට ලියුමක් කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් කිව්වලු එහෙම දාලා අපිටයි ගෙදර යන්න වෙන්නේ කියලා. මේ අතර තව එක්කෙනෙක් අපූරැ යෝජනාවක් ගෙනාවලු. එක්කෝ නැත්නම් අපේ නළු නියෝජ්‍ය මැතිතුමාට කියලා ගෙන්නමුද මාතර සුනිල් කියලා ඇහුවලු. එතකොට ඔක්කොම කිව්වලු අම්මෝ ඕවා කරන්න ගිහින් ඇතුළට යන්න වෙන්නේ අපිට. පේනවනේ මාතර සුනිල් අයියා දාගෙන තියෙන නඩු තොගේ කියලා.