2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

සම්තිං මෙහෙයුමක්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 547

වතුකරේ ලොකුම දේශපාලන පවුල් ගහක උන්නැහේ කෙනෙක් “සම්තිංග්” කේස් එකකට මාට්ටු වුණා. උන්නැහේ ආණ්ඩුවෙ මණ්ඩලේක ලොකු පුටුවෙ ඉදෙද්දියි මේ වැඩේට මාට්ටු වුණේ...

උඩරටට රජුන් තැනූ පවුලට සම්බන්ධ මෙයාගෙ පුත්‍රයත් පළාත් ඇමැති සයිස් කෙනෙක්... මස්සිනා මහ පක්ෂයක ලොක්කෙක්... ඉතින් මේ වෙච්ච සංගදිය නිසා සිදුවූ අවනම්බුව මකාගන්න උන්නැහේගෙ පවුලෙ අය මෙහෙයුමක් දියත් කරලලු. මෙහෙයුමක් කිව්වට ඒක රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් කීවොත් නිවැරදියි... තමන්ට හිතවත් තානාපති කන්තෝරුවල ඉන්න පොඩි පොඩි නිලමෙලා අල්ලගෙන තැන් තැන්වලට දුරකතන ඇමැතුම් දෙමින් මේ කතාවට සුදු හුණු ගාන්න හදන බවයි ආරංචි... හැබැයි මෙතැන්දි කෙලින් ඉන්න තීති අංශ කව්රැ කොහොම කිව්වත් තමන් ගත් පියවර නැවත “රිවර්ස්* කරන්නෙ නැහැ කියල තදින්ම කියනවලු... ඒත්... “සම්තිං” කස්ටිය තාම මෙහෙයුම නවත්තලා නැතිලු.