2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

මලට බාරවෙන අලුත් වැඩේ

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 692

ඒකාබද්දේ කට්ටිය තවත් අලුත් වැඩකට අත ගහන්නලු ලෑස්තිය. ඒ මේ කාකි සූට් කට්ටියයි ආණ්ඩුවේ නඩු කතාකරන දෙපාර්තමේන්තුවයි කරන වැඩ ගැන හෙළිදරව්වක් කරන්න. මේ සටනට නායකත්වය දෙන්න එක එක අයගේ නම් ආවත් මේ ළඟඳී ඉඳලා සල්ලං වෙන නමක් මේ වැඩේටත් යෝජනා වුණාලු. ඒ ළඟදි කොළඹ ආපු ජනබලේ මෙහෙයවන්න බාරදීපු මලලු. එයාට පසුපෙළක් කට්‍ටිය උපරිම සපෝට් කරන්නම් කිව්වලු. එයත් වැඩේට ලෑස්තිලු.

ඒත් ඒ පැත්තේ ඉන්න පරණ කට්ටිය දැන් දැන් ටිකක් මූණ අවුල් කරගෙනලු ඉන්නේ. මූණට හිනාවුණාට තැන් තැන් වල කුටු කුටු ගානවලු දැන් එයානේ ලොකු වෙලා තියෙන්නෙ කියලා. හැබැයි එයාව දැක්කම අපි බොක්කෙන්ම තමයි මලේ කියලා කියනවලු. කොහොම වුණත් මේ මල දැන් දැන් ඇතුළේ සුවඳ විහිදුවාගෙන යනවලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00