2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

දේශපාලන තොවිලයක්

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 425

පසුගිය දවසෙ කොළඹ 7 ලොන්ඩන් ප්ලේස් පැත්තෙ එක්තරා ප්‍රභූ නිවසක ලොකු තොවිලයක් තිබුණලු.
තොවිලයක් කිව්වට මේක නිකම්ම නිකම් තොවිලයක් නෙවේ. දේශපාලන යාගයක්ලු...

මේ ගෙදර ගෘහ මූලිකත්වය දරන්නෙ එක්තරා පළාතක ඉහළම පට්ටමක් දරන නෝනා මහත්තයෙක්... එයා දේසපාලනේට වඩා ප්‍රසිද්ධ ලොකු ලොක්කන්ගෙ හෙට දවස ගැන. තොරතුරු කියන රස්සාවටයි...

ඉතින් මේ දේසපාලන තොවිලෙ මහ ජයට සංවිධානෙ කළා. තොවිලෙ දවස උදේ කෙහෙල් ගස්ම ලොරි බාගයක් විතර ගෙනාවලු. ගුරුහරුකම්වලට ප්‍රසිද්ධ පළාතකින් ඇදුරො සැට් එකකුත් සම්ප්‍රාප්තවෙලා හිටිය...

බෙර ගහල දවුල් ගහල කීරි ගහල වැඩේ පටන්ගන්නකොට හරියටම රාත්‍රී නවය විතර වුණාලු. ඒ එක්කම මේ රටේ ඉහළම පෙළේ බලවතෙක් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ නිවසට ආවෙ සිය පවුලේ සාමාජිකයන්ද සමඟයි... ඔන්න ඒ පාර තොවිලෙ උත්කර්ෂවත් වුණා... රාත්තිරි නවයට පටන් ගත්ත තොවිලෙ ඉවරවුණේ රෑ දෙකට විතරලු... ගහපු බෙර දවුල්වල සද්දෙ නිසා අහල පහල මිනිස්සු සද්ද පූජාව එන පැත්තට නමස්කාර කර කර තොවිලෙ ඉවර වෙනතුරු නිදිකිරා වැටුණ කියල ආරංචියි.   

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00