අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාවෙ ලොකු පෙරැළියක් වෙන්න යනවලු... ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිකරගත්ත ටීම් එකේ ඉන්න කෙනෙක් එක්ක අපිට නම් සෙල්ලම් කරන්න බැහැ කියල ටීම් එකේ ප්‍රබලම තුන් හතර දෙනෙක් පැමිණිලි කළා කියල ලොකු කතාවක් යනව...
පසුගිය පිටරට සංචාරවලදී මේ තුන් හතරදෙනා තරගවලට ගියේ ලොකු අකමැත්තකින් මණ්ඩලේ කස්ටියගෙ ඉල්ලීම පිට කියලයි ආරංචි...
මේ නිසා වෙනසක් නොවුණොත් ක්‍රිකට් කම්මුතුයි කියලා මතයක් ඉහළ තැන්වල ඇතිවෙලා තියෙනවා කියනවා.
ඒකෙ ප්‍රතිඵලය පෙබරවාරි මැදදි බලාගන්න පුළුවන් වේවි කියලත් ආරංචියි. ඒ අනුව ලොක්කගෙ ටිකට් කැපෙයි වගේ පේන්නෙ... ඊට පස්සෙ ටීම් එකේ ඉන්න සුහදව වැඩකරන්න පුළුවන් පැරැණි ක්‍රීඩකයො දෙන්නෙක් ටෙස්ට් හා සීමිත තරග කණ්ඩායම්වල මහ පුටුවලට ගේන්න දැන් සනා බෝයිල සැට්වේගෙන යනවා කියලා ආරංචියි...
මේ අලුත් දෙන්නා දැනටමත් තෝරගෙන ඉවරලු.