2017 පෙබරවාරි 03 වන සිකුරාදා

උන්නැහේලා හිටියෙ බිමලු

 2017 පෙබරවාරි 03 වන සිකුරාදා, පෙ.ව. 06:00 262

ඒකාබද්දෙ නුගේගොඩ රැස්වීමේදී ගම්පහ ප්‍රසන්නට මලපැනලා වේදිකාවෙන් බිම හිටිය කියන එක හැමෝම දන්න කතාවක්...

ඒකට ඇත්ත හේතුව තමන් වෙනුවෙන් සෙනඟ තුන්දාහක් විතර මෙතෙන්ට ගෙනාපු පළා බබෙකුට වේදිකාවට එන්න අවසර නොදීමලු...

ආරස්සක හේතු මත වේදිකාවට ඇතුළු කරගන්න අය ගැන බලාගන්න නුවර මහී මාතර කාංචන වගේම කළුතර රෝහිතත් දාල හිටියලු.

ගම්පහ යාළුව තමන්ගෙ හිතවතාගෙ වේදිකාවට නග්ගන්න යනකොට ඒ ගැන මලපැනපු කෙනෙක් කුණුහරුප වැලක් කියලා... ඒ ගමන අනවසර ඇතුළුවීම් බැහැ කියල මාතර තරුණයත් පොඩි සත්තමක් දැම්මා කියලා කියනවා...

මේ හුටපට නිසා මලපැනපු ප්‍රසන්නතුමත් වාග් සංග්‍රාමෙකට ආවලු... ඇවිත් අන්තිමේ වේදිකාවට නෑවිත් හිටියෙ බිම කියල හැමෝටම පෙනුණා. ඊළඟට මේ ගෝරිය ටිකක් දුරදිග යන්න හදනකොට හිටපු ලොකු තැන මැදිහත්වෙලා දෙගොල්ල සන්සුන් කළාලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00