2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

මෙයා තමයි අරය හොඳට පින්තූර ගන්න

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 914

පසුගියදාක ජයටම කෙරුණු මහා මංගල්ලය ගැන තවමත් පොඩි පොඩි කතා කියැවෙනව... ඒ කතාවලින් හුඟක් ඒව රස කතා.

මංගල්ලෙ වෙලාවෙ සිරිත් පරිදි මනාල යුවලගෙ ඡායාරූප ගැනීම භාරව තිබුණෙ ප්‍රධාන පෙළේ ඡායාරූප ශිල්පියකුට උන්නැහේ තමන්ගෙ ගෝලයොත් එක්ක මේ දේශපාලන මංගල්‍යයෙ ඡායාරූප ගනිමින් හිටියා. විවිධ කෝණවලින් අලුත් හැඩතල මවමින් එයා ඡායාරූප ගන්නකොට මනමාල මහත්මයා විහිළුවෙන් වගේ ඡායාරූප ශිල්පියාගෙන් ඉල්ලීමක් කළාලු... “ඔයා ඔය පින්තූර ගන්නෙ අනාගතේ මේ රටේ ෆස්ට් ලේඩිගෙ... ඒ හින්දා හොඳට ලස්සනට පින්තූර ගන්න ඕනෑ...” දේශපාලන මනමාල මහත්මයා ඉල්ලීමක් කළා... ඊට පස්සෙ ඉල්ලීම පිළිගත් ඡායාරූප ශිල්පියා තමන්ගෙ ගෝලයොත් එක්ක හිටු කියලා පින්තූර ගන්න පටන් ගත්තලු...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00