2018 ජුලි 28 වන සෙනසුරාදා

කැපිල්ලක්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 553

මැණික් පුරේ අලිපාටියේ අලි පැටියෙක් එක්ක නීතියට බර ඇතින්නියක් අතර තියෙන අවුල තව තවත් දුර ගිහින්ලු. එයා පළාතෙම ලොක්කි නිසා අලිපාටියට සපෝට් ඈයෝ සමහර වැඩ කරගන්න මෙයාව හම්බුවෙන්න යනවලු. එහෙම යනකොට මෙයාගේ ගෝලයෝ කියනවලු "මැඩම් මේ උන්නැහේ අර අලි පැටියගේ එකෙක්"කියලා.

එහෙම කිව්වම යන වැඩේ කෙරෙන්නෙ නෑලු. සමහර අස්සන්, ලියුම් එහෙම ගන්නත් අමාරැලු පොඩි අලි පැටියගේ කිව්ව ගමන්. මේකට හේතුව පොඩි හාදයා පහුගිය දවසක ලොක්කි ගැන අලිපාටියේ ලොක්කට කිව්ව කතාවක්ලු. එයා කියල තියෙන්නෙ මේ ලොක්කි එක්ක වැඩ කරන්න බෑ කියලා. අලි පැටියගේ ආසනයට එන්නත් එපා කියලා. මේ වලිය නිසා ලොක්කි අලි පැටියගේ ගෝලයන්ට බෙල්ල මුලටම කැපිල්ලු. වැඩියෙන් කැපෙන්නේ ගමේ මන්තිරි මහත්තුරුලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00