2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ගෝල මහ ඇමැති

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 288

පසුගියදාක මහ ඇමැති කස්ටිය හිටපු ලොකු තැන හම්බුවෙන්න උන්නැහේගෙ නිල නිවසට ගියා... ඉස්සරහට එන ඡන්දය එකතුවෙලා කරන එක ගැන කතා කරන්නයි උන්නැහේල හිටපු ලොකු මහත්තයා මුණගැසුණෙ...

මේ හමුව සුහද මට්ටමින් පැවැත්වුණා. ඒත් ලොකු මහත්තයා එක්ක හිටපු ඒකාබද්ධ කණ්ඩායමේ ප්‍රකට දේශකයෙක් වන මන්තිරිතුමෙක් මාතෘකාව පැත්තක තියෙද්දි ජාතික ආර්ථිකය අර්බුදය ගැන දේසනයක් දෙන්න ගියාලු. බැඳුම්කර ජරමරේ පිටරටවලට යටත්වෙන කොන්දේසි අරව මේව ගැන ශාස්ත්‍රීය ආර්ථික විද්‍යාත්මක දේසනයක් කරගෙන යනකොට උන්නැහේ ගුරුවරයෙක් කාලෙ එතුමගෙන් ශිෂ්‍යයෙක් හැටියට ඉගන ගත්ත මහ ඇමැති කෙනෙක් සාකච්ඡාව වැරදි පාරක ගමන් කරන නිසා පොඩි කොක්කක් දැම්මලු.

ඒත් කතාව නොනවතින තැන උන්නැහේ මෙහෙම කිව්වලු.

“සර් මම සර්ගෙන් ඉගෙන ගත්ත ගෝලයනේ... සර්ගෙ දේසනයට සවන් දෙන්න ආසයි. ඒත් දැන් නෙවෙයි පස්සෙ... ඒකට අපි දැන් මහන්සි නොවී මාතෘකාව අනුව කතාව කරගෙන යමු” ගෝල මහ ඇමැති එහෙම කිව්ව විතරයි කතාව හරි පාරට වැටුණා කියලා ආරංචියි.