2018 ජුනි 23 වන සෙනසුරාදා

තීන්දු ගන්න උදව් කරන නයා

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 568

නයි ඇරිල්ල දේශපාලුතුමාලට හොඳට පුරුදු වැඩක්... ඒත් නයෙක් ගෙන් තමන්ගෙ වැඩවලට උදව්ගන්න දේශපාලුතුමාල ගැන ඇහුවොත් හුඟ දෙනෙක් පුදුම වේවි...

මේ දේශපාලුතුමා අපේ රටේ එක පළාතක ලොකුම ඇමැති පුටුවෙ වාඩිවෙලා ඉන්න රටේ නීතිය රීතිය ගැන හසල දැනුමක් ඇති කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. 

පසුගිය දවසක උන්නැහේ තමන්ගෙ බලප්‍රදේශයේ රැස්වීමකදී තමන්ට උදව් කරන නාගරාජයෙක් ගැන මුල්වරට හෙළිදරව් කරලලු...

තමන් මීට කළින් නීති අංසේ ඉහළම තනතුරක් දරන කාලෙත් ඊට පස්සෙ දේශපාලනේට එනකොටත් මේ නයා උන්නැහේට පාර පෙන්නුවලු...

ජීවිතේ වැදගත් තීරණ ගන්න සූදානම් වන සෑම මොහොතකම නයාගෙන් එයාට උදව් ලැබෙන බවයි සඳහන් කළේ.

පිළිගත් බුද්ධිමතෙක් වන මුන්නැහෙ මේ නයි කතාව දේශපාලන පෙරළියක ඉඟියක් ද කියලා මේ දවස්වල උතුරු පළාතෙ ජනතාව අතරෙත් දේශපාලුතුමාල අතරෙත් එක කතාවයි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00