2018 මැයි 26 වන සෙනසුරාදා

පොල් වත්තේ හිමිකරු

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 611

කාලයක් පංචායුධලත් එක්ක එක පෙරමුණක ඉඳලා පසුගිය පුංචි ඡන්දෙ වෙලාවෙ මෛත්‍රීතුමා සරණ ගිය හිටපු දියවන්නා කවුන්සිල් පොරක් ඉන්නවා...

උන්නැහේ ඡන්දෙ කාලෙ වේදිකාවට නැගල මෛත්‍රීතුමාලට කරපු සේවයට හරියන්න තමන්ට ආණ්ඩුකාර පට්ටමක්වත් ලබාදෙන්න කියල ඉල්ලීමක් කළාට වැඩේ නම් සිද්ධවුණේ නැහැ... ඒ හින්ද තරමක කලකිරීමෙන් හිටපු මුන්නැහේටත් හදිසියෙ වාසනාව උදාවෙලාය කියල පංචායුධලයි කස්ටිය අතරෙ කතාවක් ගියා.

මේ කතාවෙන් කියැවුණේ වයඹ පළාතෙ එක්තරා පිටියක් කිට්ටුව තියෙන කෝටි දෙක තුනක් විතර වටින පොල් වත්තක් ගැනයි...

දැන් මේ කස්ටිය පොල් වත්තෙ සැබෑ අයිතිකාරය හොයාගන්න පටන් අරන්ලු. වත්තේ සැබෑ හිමිකරු හිසේ කෙස් නැති පොරක්ද කියලලු පංචායුධල සොයන්නෙ...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00