2018 මැයි 19 වන සෙනසුරාදා

16 දෙනාගේ කොකු දෙකක්

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 576

ආණ්ඩුවේ අත පාටියේ ඉඳලා විපක්ෂෙට ආපු 16 දෙනා අතරෙන් කිහිපදෙනෙක් පුංචි මතවාදී ගෝරියක පැටලිලා කියලා ආරංචියක් යනවා...මේ ගෝරියට හේතු දෙකක් බලපාලලු..

කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නේ නැතුව කෙළින්ම පොහොට්ටුවට සැට් වෙමු කියලා කියන පිරිස එතන වැඩි කණ්ඩායමලු.

නමුත් උඩරට  කටකාරයෙකුයි ඌවේ කටකාරයෙකුයි තවත් එක් කෙනෙක් දෙන්නෙක් ටික කලක් අත පාටියෙම ඉඳිමු කියනවලු. මෙයින් එක්කෙනෙක් ආණ්ඩුකාර පුත්‍රයෙක්ලු.

ඒ වගේම මිණිපුරේ ජෝන් තුමා ඊළඟ පක්ෂ නායකයා ගැන කරපු ප්‍රකාශයටත් මේ දෙතුන් දෙනෙක් කොකු ඇදලලු.

කොහොමින් කොහොමහරි 16 දෙනාගේ ගෝරි බෝරි පුපුරන්න නොදී නිවාගෙන හිටපු ලොකු තැන ළඟට සැට් වෙන්න කපුකම් කරන කට්ටියකුත් එතන ඉන්න බව තතු දත් අය කියනවා.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00