2018 මැයි 19 වන සෙනසුරාදා

පොහොට්ටුවෙන් එන්නේ කව්ද?

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 576

පොහොට්ටුවේ බහුතර කස්ටිය ගෝඨා ඉදිරි ජනාධිපති ඡන්දෙට ගේන්න ට්‍රයි කරද්දී තවමත් දෙතුන් දෙනෙක් වෙන වෙන නම් ප්‍රචාරය කිරීම නිසා පොහොට්ටුවේ සමහරැ අවුලක ඉන්න බව පේනවා.

මෙහෙම ප්‍රචාරක කටයුතු කරන්නේ ඉහළම තලයේ පිරිසක් නිසාලු කවුරු කවුරුත් ප්‍රශ්නාර්ථ ඔළුවේ තියන් ඉන්නේ.

කස්ටියක් දිනේෂ් උන්නැහේ මේ තනතුරට සුදුසු නැද්ද කියලා අහද්දි තවත් වමේ කස්ටියක් චමල් තුමා තමයි නියම සුදුස්සා කියනවලු. ඒත් ඉතින් හිටපු ලොකු තැන මේ ප්‍රශ්නෙදී ඉන්නේ නිහඬවලු. හොඳ දේශපාලන ඉවක් තියෙන තෙම්පරාදු දේශපාලන අත්දැකීම් බහුල උන්නැහේ තමන්ගේ තීරණය දෙන්න තවත් මාස ගණනකට පස්සෙ එලඹෙන සුබ නැකතින් බවයි ආරංචිය.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00