2017 ජනවාරි 21 වන සෙනසුරාදා

තෙල් බෙදිල්ලක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 228

ඒකාබද්ධ විපක්ෂයේ පැත්තට පනින්න හදනවය කියල සැක කරන ශ්‍රී.ල.නි.පයේ මැති ඇමැති කස්ටියට කරුණ පහදාදී ආණ්ඩුවෙම නවත්වාගන්න එක්තරා ඇමැති සයිස් මහත්තයකුට වැඩ කටයුත්තක් ඉහළින්ම පවරලලු...

මේක භාර අරන් ඉන්නෙ පක්ෂයේ ජ්‍යෙෂ්ඨම ඇමැති සයිස් කෙනෙක් කියල විපක්ෂයට ඔරොත්තුවක් ලැබිල... උන්නැහේට තමන්ගෙ ඡන්ද කොට්ඨාශය ඡන්දෙන් දිනාගන්න බැරිවුණත් මනාපෙන් සළුවෙලා ඇතුළට එන්න වාසනාව ලැබිච්ච මහත්තයෙක්.

පසුගිය කාලෙ නිහඬව වගේ හිටපු මුන් නැහේට ආයෙමත් රජයේ ලොකු තනතුරක් ගැන හීනයක් පෙනිල දැන් ආපසු වැඩට බැහැලලු. 

විපක්ෂයට යනවය කියල සැකකටයුතු අය හෙමි හෙමිහිට හම්බුවෙලා පරණ කස්ටිය එක්ක ගියොත් බඩුම තමයි කියල ලොකුවට තෙලක් බෙදනව කියල මේ තෙල් බෙදිල්ලට මාට්ටු වුණ මන්තිරිල දෙතුන් දෙනෙක් ඒබද්දෙ ලොකු ලොක්කන්ට දැනුම්දීල කියල ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00