2018 මැයි 05 වන සෙනසුරාදා

මේ පාරත් හුළං

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 860

ආණ්ඩුවේ ෆීල්ඩ් මාර්ෂල් තුමා පහුගිය කාලයෙම හිටියෙ කලකිරීමෙන් එයාගෙන් ආණ්ඩුව රටට වැඩක් ගත්තේ නෑ කියලා. මෙයා ඒකට තැන් තැන්වල නෝක්කාඩුත් කිව්වා. කොහොම හරි පහුගිය කාලයේ නීතිය හා සාමය එයාට බාරදෙනවා කියලා ඉහළින්ම දැනුම් දීලා තිබ්බේ. ඒත් අන්තිමට එක් දුන්නෙත් නෑනේ. මේ නිසා මෙය ඉහළම තැනට මාධ්‍ය හරහා හොඳටම දෙහි කැපුව එයා රැවැට්ටුවා කියලා.

කොහොම වුණත් එයා හරි ආසලු පොලීසිය පාලනය කරන්න. එයාගේ බලාපොරොත්තුව නීතිය හා සාමය ඇමැති පදවිය ගන්න.

ඊයේ පෙරේදා සිද්ධ කරපු කැබිනට් මණ්ඩල මාරු කිරීමට කලින්දා මෙයා ගියාලු පාටියේ ලොක්කා වගේම රටේ දෙවැනියා හම්බෙන්න. ගිහින් කිව්වලු සර් මේ පාරවත් මට නීතිය හා සාමය දෙන්නකෝ කියලා. ලොක්කා බලාගෙන ඉඳලා කිව්වලු තවම අරයට දීලත් මාස එකාමාරක් නෑ. පස්සේ  බලමු කියලා. අන්තිමට අත්දෙක වන වනා ගෙදර එන්න වුණාලු. කොහොම හරි කරපු ඉල්ලීම සලකලා ඊට පහුවෙනිදා තවත් ඇමැති පට්ටමක් එල්ලුවලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00