2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ලැම්බෝගිනිය කාගෙද?

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 956

පසුගියදා හිටපු ලොකු තැන උත්සවේකට නුවරඑළියට ගියා. උන්නැහේට උත්සව සංවිධායකයො එදා දවල් කෑම සූදානම් කරල තිබුණෙ එහේ ග්‍රෑන්ඩ් ලෙවල් හෝටලේක...

ඔන්න හිටපු ලොකු තැන එදා දවල් කෑමට එතනට ගියා විතරයි. කිරි කිරි ලැම්බෝගිනියක් හෝටලේ ඉස්සරහා නැවැත්තුවා. මේ බව ඒ කිට්ටුව ගැවසුණ වෙනත් ලොකු පක්ෂයකට සම්බන්ධ කෙරැම්කායෙක් දැක්කලු... එයා හිතුවෙ මේ ලැම්බෝගිනියෙන් කෑමට ආවෙ හිටපු ලොකු තැන කියලලු...

ඔන්න ඒ පාර ඒ ගැන කතාවක් හදල අදාළ තැන්වලට යැව්ව බවයි ආරංචි... පින්තූරත් තිබුණලු... ඒත් ඊට පස්සෙ ඒකෙ නොම්බරේට අයිතිය තියෙන්නෙ කාටද කියල හොයල බලනකොට ඒක හිමි සැබෑ තැනැත්ත හෙළිවෙලා... ඒ හින්ද මේ අපූරු කතාව පාපිස්ස යටට දාල හැංගුවලු.