2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

පුටු මාරුවට කලින්...

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 839

රජරට පළාතෙ අත පාටියෙ කෙරුම්කාරයෙක් අලි පාටියට කරණමක් ගහන්න යනවය කියල පහුගිය දවස්වල එක කතාවයි. ඒ කතාව ගියා විතරයි ඒ පැත්තෙ ඉන්න සමහර අලි කස්ටිය මුහුණ පුලුටු කරගන්න බවක් කියැවෙනවා...

වැඩියෙන්ම කේන්තියට පත්වෙලා ඉන්නෙ ඒ පළාතෙ පාරම්පරිකව දේශපාලනේ කරන නෝනමහත්තයෙක්ලු. මේ කරණම් වැඩේ සිද්ධ වුණොත් අපිටත් සැර තීන්දුවලට යන්න වෙනවයි කියලා එයා තමන්ගෙ සමීපතමයන්ට කියලලු. කොහොමවුණත් තාම ඒ අය අන්තිම තීන්දුවක් අරන් නැහැ වගේ පේන්නෙ... ඒ අස්සෙ කරණමට සැරසෙනවය කියන දේශපාලනතුමා පළාතෙ වගේම රටේ මහා සංඝරත්නය දිනාගන්න දැවැන්ත පුණ්‍ය කර්මයක් සංවිධානය කරන්න සැරසෙන වගත් කියැවෙනවා.