2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

පසුපෙළින් ආරාධනා

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 405

අලි පාටියෙ පසුපෙළ මන්තිරිවරු කස්ටියක් පසුගියදා වාර දෙකකට පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයෙක් හමුවෙන්න උන්නැහේගෙ ගෙදරට ගියා...

මේ ජ්‍යෙෂ්ඨය ඉතාම ඈත දුෂ්කර පළාතක් නියෝජනේ කරන පසුපෙළ කස්ටියගෙ දුක්ගැනවිලිවලට නිතර කන්දෙන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන මද්දුම පුත්‍රයෙක් කිව්වොත් නිවැරදියි... පසුපෙළ කස්ටිය උන්නැහේ මුණගැසුණෙ තවත් පමා නොවී පක්ෂයෙ ඉහළ වගකීමක් භාරගන්න ආරාධනා කරන්නලු...

පසුපෙළ උදවිය බලාපොරොත්තු වූ කෙනා ජ්‍යොතිෂය දිහා බලාගෙන කල්මරමින් ඉන්න නිසා එයා ගැන විශ්වාසයක් නැතැයි කියූ පසුපෙළ උදවිය ඉතාම තදින් මේ ජ්‍යෙෂ්ඨයට එළියට එන්න කියල බලපෑම් කළා කියල තතුදත් අය කියනව. ඒ ඉල්ලීම් සියල්ලට සාවධානව කන්දුන් ජ්‍යෙෂ්ඨය ළඟදීම තමන්ට සුභදායක ප්‍රතිචාරයක් පළකරාවි කියල පසුපෙළ කස්ටිය විශ්වාසය පළකරනවලු...