2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

මිණිපුරේ අලුත් දිසානායක

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 686

පොහොට්ටුව වැඩි ඡන්ද ගත්ත මිණිපුරේ පැත්තෙ ලොකුම සභාවකට සභාපති තෝරන්න ගිහිල්ලා එක ජංජාලයයි. ඒ පළාතෙ පොහොට්ටුවට නායකත්වය දෙන නෝන මහත්තයා කරපු වැඩක් නිසයි මේ ගින්න පත්තු වුණේ...

අතයි පොහොට්ටුවයි නියෝජනේ කරන දෙගොල්ල එකතුවෙලා සභාව පිහිටුවමු කියලා පක්ෂය තීන්දු කරලා තියෙද්දි මිණිපුරේ නෝන මහත්තයා කාටත් හොර රහසෙ අලියගෙ පක්ෂෙන් උදව් අරන් සභාපති තෝරගත්තා. ඒකට උදව්වක් හැටියට මිණිපුරේ උප සභාපතිකම අලියට දුන්නලු...

ඉතින් මූලික එකඟතා කඩලා කරපු මේ වැඩේට හේතුව අත පාටියෙ ලොකු පුටුවෙ ඉන්න මාමයි... පොහොට්ටුවෙ ලොකු පුටුවෙ ඉන්න ලේලියි අතර තියෙන වලියක් කියලයි ආරංචි...

රත්නලගෙ ආරච්චිලගෙ ප්‍රශ්න නිසා දිස්තිරික්කෙට නැති අර්බුදයක් ඇතිකිරීම ගැන පළාතෙ පොහොට්ටුවෙ අනිත් මන්තිරිගොල්ල පොහොට්ටු නෝනත් එක්ක උදහස් වෙලා එක ගෝරියයිලු. උන්නැහේල මේ අවනඩුව පොහොට්ටුවෙ මහ පුටුවෙ ඉන්න හිටපු ලොකු තැනටත් කියලා... මින් ඉදිරියට මේ නෝනගෙ දිසානායක කම අපිට පිළිගන්න බැහැ කියලත් දන්වලා.

අන්තිමේදි මිණිපුරේ පොහොට්ටු නෝන කැඳවපු හිටපු ලොකු තැන නගර සභා වැඩේ අලකරගැනීම ගැන සැර දොස්මුරයක් දැම්මලු. මේ හුටපටේ නිසා පසුගිය කාලෙ අත පාටියෙ හිටපු නිසා පැත්තකට කරලා තිබුණ රත්න මාමණ්ඩිට ඉබේම දිසානායක පුටුව ලැබෙන්න යන බවයි ආරංචි...