2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

මහ රෑ සිදුවූ නිල නිවාස මාරුව

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 488

පසුගියදා සිදුවුණු ආණ්ඩුකාර මාරුවෙන් පසුව මධ්‍යම පළාතට අලුතෙන් පත්වූ ආණ්ඩුකාර තැන කඩිනමින් මහනුවර ඇවිත් හිටපු ආණ්ඩුකාරවරිය රැඳීසිටි නිල නිවස ඉල්ලා සිටියලු...

ඒ වන විට ඇයට අලුතෙන් පත්වීම් ලැබුණ සබරගමුවෙ වැඩ බාරගැනීමට සුදුසු නැකත එළඹෙනතුරැ ඇය මහනුවර නිල නිවසෙම රැඳී සිටියා...

මේ නිල නිවස නව ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේ ගිය සඳුදා රාත්‍රියේ නිසා මහනුවර හිටපු ආණ්ඩුකාරවරිය මුහුණ දුන්නෙ ලොකු ගැටලුවකටලු.

වැඩ බාරගන්නාතුරු සබරගමුවේ නිල නිවස නොලැබීමත්, හදිසියේ රාත්‍රියේ කුලියට හෝ ගෙයක් සොයාගැනීම අපහසු වීමත් නිසා අපහසුතාවට පත් ඇය මේ හදිසි කරදරයෙන් තමා වැටුණ අමාරුව ගැන දොස් පරොස් කියමින් රාත්‍රී 8.00ට පමණ නිල නිවසින් යන්න ගියේ සදාචාර සම්පන්නව වැඩ කරන ලෙස අලුත් ආණ්ඩුකාර තැනට දන්වමින්ලු... දැන් ඇය සබරගමු ආණ්ඩුකාර නිල නිවස ලැබෙන තෙක් එහි මහ ඇමැති නිල නිවසේ නවාතැන් අරන් කියලා ආරංචියි...