පොහොට්ටු කස්ටිය පැරදිච්ච විශ්වාසභංගයට කපුකම් කරපු ව්‍යාපාරික භවතෙක් ඉන්නවලු. උන්නැහේ රටේ ලොකුම දේශපාලන පවුලකට සම්බන්ධ පොරක්...
මේ කාරණාව සම්බන්ධව හිටපු ලොකු තැනයි රටේ ලොකු මහත්තයයි අතරෙ කතාබහ ඇතිකරන්න මුල්වුණේ මේ ව්‍යාපාරිකයා කියලා හුඟදෙනෙක් දන්නවා... හිටපු ලොකු තැන මේ වැඩේට ඉතාම අමාරැවෙන් එකඟ කරගත්ත මේ කියන තැනැත්තා ලොකු වැඩ කොටසක් කළත් අන්තිම මොහොතේ වැඩේ අංජබජල් වුණා...
නැති ජයග්‍රහණයක් අල්ලෙ මවලා පෙන්නලා හිටපු ලොකු තැනටත් සුරංගනා කතා කියපු මේ ව්‍යාපාරික භවතා මැතිසබා ඡන්දෙන් පස්සෙ සොයාගන්න නැතිලු. හිටපු ලොකු තැන ව්‍යාපාරික භවතා ගැන සොයා බැලුවත් ආරංචියක් ලැබිලත් නැහැ...
කොහොමහරි අන්තිමේදි එයා හම්බවුණාම හිටපු ලොකු තැනගෙන් ලුණු ඇඹුල් ඇතුව හොඳවයින් දෙකක් අහගන්න සූදානම් වෙන්න කියලා එයාට දැනටමත් පණිවුඩයක් ඇරලය කියලා ඒකාබද්දෙ ලොක්කො කියනවා...