2018 මාර්තු 24 වන සෙනසුරාදා

ආසයි බයයි කස්ටියක් ඉන්නවලු

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 662

ඒකාබද්දෙ කස්ටිය අත්සන් කළ විශ්වාසභංගෙට “අත” පාටියෙන් සහය දෙන්න අමාරුයි කියන කස්ටිය අඩුවැඩි වෙන බවයි ආරංචි.

මේ අය අතරෙ මුලින්ම හිටියේ රජරට දුමී, අප්පොච්චිමළා, කළුතර මහී, නුවර සරත් එහෙමලු. ඒත් ඉහළින් නියෝගයක් ලැබුණොත් අපි ඒ ගැන බලනව කියලත් උන්නැහේල කියනවලු. ඉතින් ඔය ආරංචි කොහොම වුණත් ඒකාබද්දෙ කස්ටිය තමන්ගෙ කටයුත්ත කළා... අලිපාටියට සම්බන්ධ උදවිය කිහිපදෙනෙකුත් මේකට උදව්කරන බව එයාලා සහතිකේටම කියනවලු... ඒගණන දැනට හතරකට පහකට වැඩි නැතිබවත් කියැවෙනව.

ඕවගේ ඇත්ත නැත්ත ලබන සතිය දිහාවෙනකොට බලාගන්න හැකිලු.