2018 මාර්තු 03 වන සෙනසුරාදා

ඇමැතිතුමා දෙලොවක් අතර

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 655

ඈත එපිට අල එළවළු එහෙම වැවෙන පළාතක පැරැණි දේශපාලන පවුලකින් දියවන්නාවට ආපු එක්තරා රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක් හිටියා.

උන්නැහේලට පසුගිය කාලෙ තමන් ඉන්න පාටියෙන් සාධාරණේ ඉටුවුණේ නැහැ කියලා කලකිරීමෙන් තමයි උන්නෙ...

තමන්ගෙන් පස්සෙ සිය පුත්‍රරත්නය පළාත් සභා දේශපාලනයට වඩම්මන්නත් උන්නැහේ හිතාගෙන හිටියලු. ඒත් පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සෙ උන්නැහේ අන්දමන්ද වුණේ දැන් ඉන්න පාටියෙන් පුතා ඡන්දෙට දැම්මොත් වැඩේ හබක් වෙයි කියලා දැනිලයි...

ඊටපස්සෙ උන්නැහේ ලොකු තීන්දුවක් අරන් හෙමින්ම ගිහිල්ලා හිටපු ලොකු තැන හොර රහසේ හම්බුවෙලා තමන්ගෙ පුත්‍රයා පොහොට්ටුවෙන් ඌවට ඉදිරිපත් කරන්න වැඩේ සැට් කළා...

පොහොට්ටුවෙන් ආවොත් පුතාගෙ දිනුම සෑහෙන දුරට හරියනවය කියලා හිතල තිරය පිටුපස සංවිධාන වැඩත් කරන්න ගත්තා කියමුකො... ඔහොම යනකොට ඇමැති සංශෝධනේ ආවා... ඒක ආපු ගමන් ඔන්න අපි කිව්ව මේ රාජ්‍ය ඇමැති තැනට නොසිතූ විදියට ප්‍රමෝෂන් එකක් ලැබුණා...

ඒකෙන් පස්සෙ අපේ ඇමැතිතුමා දැන් අඤ්ඤකොරොස් වෙලා ඉන්නවලු... දිගටම අලියා පිටම යනවද? පොහොට්ටුව බදාගන්නවද? කියලා. තීන්දුවක් ගන්න බැරැව එයා දෙලොවක් අතර ඉන්න බවයි ආරංචි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00