එස්.එෆ්. ට නීතිය හා සාමය බාරදෙන්න අලි පාටියෙ සමහරු හුඟක් උනන්දුයි...
මේ ගැන එස්.එෆ්. තුමා පක්ෂ නායකතුමා එක්කත් රටේ නායකතුමා එක්කත් වාර දෙක තුනක්ම කතා කළා. එයා මේ තනතුර බාරගන්නේ බලපෑම්වලින් තොරව වැඩේ කරන්න දෙනව නම් විතරයි කියල කොන්දේසියකුත් දැම්මලු.
ඒත් මේ පත්වීමට රටේ ලොකුම ව්‍යාපාරික භවතෙක් දැඩි විරෝධයක් පළ කරලා තියෙනවලු... මේ ව්‍යාපාරික භවතා ආණ්ඩුවෙ ඉහළම තැන් එක්ක සමීප ඥාතිකමක් තියෙන කෙනෙක් කියලයි ආරංචි. ඒ නිසා වැඩේ ඇදෙමින් තියෙනව කියලා තතු දත් අය කියනවා.
ආණ්ඩුවෙ දොස්තර ඇමැතිතුමා මේ පත්වීම කරන්න උදේ හවා දත කෑවත් අන්තිමේදි වැඩේ නොකෙරෙන තැනට තල්ලුවෙමින් යනවලු...
පොලීසිය “නියුට්‍රල්” චරිතයකට බාරදීමලු මහා මන්දිරයේ අරමුණ.