2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මේ සීතලේ කොහොමද එහේ යන්නෙ?

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 884

ලබන මාසෙ ජිනීවා නගරෙදි රැස්වෙන මානව හිමිකම් කොමිසම ලංකාව ගැන ලොකුවට කතා කරන්නලු යන්නෙ... ඒකට ඩයස්පෝරාකාරයොත් හොඳට උල්පන්දම් දීපු නිසා මේ පාර වැඩේ ටිකක් නැඟලම යන බවයි ආරංචි...

ඉතින් ආණ්ඩුවත් මේකට සැර ප්‍රතිචාරයක් දක්වන්න කියලා තීන්දුවක් ගත්තා. එහෙම තීන්දු කොරල එක්තරා දේශපාලන ලොක්කෙක්ගෙ ප්‍රධානත්වයෙන් දූත පිරිසක් ඒ රටට යවන්නත් තීන්දු කළා කියමුකො.

ඊට පස්සෙ ආණ්ඩුවෙ වගකිව යුතු නිලධාරි කස්ටියක් ගිහිල්ලා කණ්ඩායමේ නායකත්වය ගන්න කියලා අදාළ දේශපාලන ලොක්කට කිව්වලු... නිලධාරීන් උන්නැහේගෙන් බොහොම කාරැණිකව රට වෙනුවෙන් මේ ගමන යමු කියලා කතා කළාම ඒ දේශපාලන ලොක්කා දුන්නෙ අපූරු උත්තරයක්...

කොහොමද අයිසෙ ලබන මාසෙ මම ජිනීවා යන්නෙ... මේ දවස්වල එහේ මාර සීතලයි. මට ඔය සීතල අල්ලන්නෙ නැහැ. දරාගන්න බැහැ... තමුසෙලා තරහ නැතුව වෙන කාට හරි කියනවද..? උන්නැහේ තමන්ගෙ තීන්දුව කිව්වා... ඒක අහපු නිලධාරි මෙයා නම් මාර පොරක් කිය කියා යන්න ගියා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00