තමන්ගෙ දිස්ත්‍රික්කෙ මැතිවරණ ජයග්‍රහණය ගැන මහ ඉහළින් බලාපොරොත්තු තියාගෙන හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සෙ ප්‍රදේශයේ පාසල් 7කට සංචාරක බස් රථ 7 ක් තෑගි දෙන්න සැලැසුම් කළා.
ඒත් ඡන්ද ප්‍රතිඵලය ආවම උන්නැහේ හිතපු නැති විදියට මුළු දිස්ත්‍රික්කෙම අන්තෙට පරාජය වුණාලු. ඡන්ද කාලෙ හුඟක් දන් පින් කරගත්ත රටේ ඉහළම දේශපාලන පවුලකින් පැවත එන මොහු දේශපාලනේ කරන්නෙ ඈත පළාතක තවත් ඉහළම දේශපාලන පරපුරක උරුමය තිබෙන දිස්ත්‍රික්කයකලු... ඒ නිසා මේ දිස්ත්‍රික්කෙ ඡන්ද සටන රජ පුත්‍රයන්ගේ සටනක් බවටත් පත්වෙලා තිබුණා.
කොහොමින් කොහොම හරි බලාපොරොත්තු වෙච්ච ඡන්ද ප්‍රතිඵලය ජනතාව ලබා නොදුන්න නිසා කලකිරුණ ඇමැති සයිස් මහත්තය තමන් තෑගි දෙන්න ලෑස්ති කරල තිබුණ බස් හත ආපහු රිටර්න් කරල ඇරිය කියලයි ආරංචි...
පළාතෙ ජනතාව ඒ ගැන කියන්නෙ දන් පින් කරලම ජනතාව දිනාගන්න පුළුවන්ය කියල හිතන් හිටපු උන්නැහේට මේ පාර නම් වැරදුණා කියලයි.