හිටපු ලොකු තැන ළඟත් දැන් එරික් සෝල්හයිම් කෙනෙක් ඉන්නවලු... අත පාටියෙ දෙපිරිස පූට්ටු කරන්න කරපු ව්‍යාපෘතියෙ මහින්ද පාර්ශවෙ සාම නියෝජිත හැටියට වැඩ කළේ මේ අලුත් සෝල්හයිම් කියල තතු දත් අය කියනවා.
මලක නමක් තියන මේ තරුණයට පහුගියදාක රටේ ඉහළම මන්දිරේක ඉහළම ලොකු මහත්තයකුගෙන් දුරකතන ඇමැතුමක් ආවා.
මන්තිරිතුමා ඔයා තාත්තටත් කියන්න ඔයාලගෙ කට්ටියටත් කියන්න අඩුම තරමින් ඇමැතිකම් පහක් බාරගන්න කියල... එතකොට අපිට ආණ්ඩුව හදන්න පුළුවන් මේක අන්තිම අවස්ථාව... මහ මන්දිරේ ලොකු මහත්තය කිව්වා... ඊටපස්සෙ මේ තරුණ සාම නියෝජිතය තමන්ගෙ පාර්ශ්වෙ කස්ටියගෙ ස්ථාවරය තවම වෙනස් වී නැති නමුත් තමන් පණිවුඩය කියන්නම් කියලා බාරගත්තා...
ඊට පස්සෙ එයා මේ පණිඩුඩේ අරන් ගියා. නමුත් ඒකෙ ප්‍රතිඵලය තවම සාකච්ඡා මට්ටමේලු තියෙන්නෙ.