2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

නෙළුම් පොකුණ ළඟට අලියෙක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1072

මේක ඡන්දපොළක සිද්ධවුණ අපූරු කතාවක්... වැඩේ සිද්ධවුණේ නුගේගොඩ නගරෙ කිට්ටුව ඡන්දපොළකලු.

මේ ඡන්දපොළ පිහිටුවා තිබුණේ පළාතෙ ප්‍රසිද්ධ පන්සලක ධර්ම ශාලාවෙ. ඡන්දෙට පන්සලට එන ඡන්දදායකයො ධර්ම ශාලාවට ඇවිදගෙන යන පාර අයිනෙ ලොකු පොකුණක් තියනවා. ඒ පොකුණ පුරාම ඉතාම ලස්සනට නෙළුම් මල් පිපිලා තිබුණලු...

නෙළුම් මල හිටපු ලොකු තැනගෙ පක්ෂයෙ ලාංඡනේ... ඉතින් මේ නෙළුම් පොකුණ ළඟින් ඡන්දපොළට යන ඡන්දදායකයො නෙළුම් මල් දැකීමෙන් ඡන්දයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් කියලා ඒ පළාතෙ අලි පාටියෙන් ඡන්දෙ ඉල්ලපු උන්නැහේට දැනගන්න ලැබිලා... උන්නැහේ කඩාගෙන පන්සලට ඇවිත් හාමුදුරුවන්ටයි ඡන්දපොළ බලධාරීන්ටයි මේ ගැන දැඩි ලෙස විරෝධය දක්වලා...

ඒත් ඉතින් ඒ කිසිම කෙනකුට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙලා නැහැ. නමුත් අලි පාටියෙ උන්නැහේ මේක තමන්ට මහ අසාධාරණයක් කිය කිය ඝෝෂා කරන කොට මේකට විසඳුමක් එතන හිටපු හාමුදුරුවොයි බලධාරියොයි එකතුවෙලා යෝජනා කළාලු...

ඡන්දදායකයො නෙළුම් මල් දැකීමෙන් පොහොට්ටුව මතක්වෙනවා නම් අලි පාටියෙ උන්නැහේටත් තමන්ගෙ ලාංඡනයත් නෙළුම් පොකුණ ළඟින් ඡන්දදායකයන්ට පේන්න ගෙනැත් තිව්වම ප්‍රශ්නෙ ඉවරයි කියන එකයි මේ යෝජනාව වුණේ...

ඒක මරු යෝජනාව කියලා විසඳුම පිළිගත්ත අලි පාටියෙ අපේක්ෂක තැන වහාම දුවලා ගිහිල්ල කිට්ටුවපාත කඩේක තිබුණ ලොකු අලියකුගෙ ප්‍රතිමාවක් නෙළුම් පොකුණ ළඟින් තිබ්බලු...

ඔන්න ඔය විදියට එයාලගෙ ප්‍රශ්නෙ විසඳුණා... නමුත් මේක දැනගත්ත සීනුවෙ කස්ටිය ඒ වැඩේට විරෝධයක් දැක්කුවා කියලත් ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00