පළාත් ඡන්දෙට රුපියල් පහළොස් කෝටියක් විතර වියදම් කරපු ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවලු.
උන්නැහේ මෙච්චර මුදලක් වියදම් කළේ ජනතාව දිනාගන්න නොයෙක් සහන සලස්සන්නලු.
ආර්ථිකේට වගේම කැලෑ ශුද්ධ පවිත්ර කිරීම ගැනත් ප්රකට මේ ඇමැති තැනට එක්තරා පක්ෂයකුත් හිමියිලු.
උන්නැහේගෙ හිතවතුන්ගෙ ලයිට් බිල් ගෙවීම, තරුණයන්ට ලැප්ටොප් දන්දීම, දුප්පත් පවුලකට දහස් ගණනක ආධාරයක් පිරිනැමීම වගේම ත්රීවිල් හිමියන්ට ත්රීවිල් ටයර් තුන බැගින් ලබාදීම මෙයාගෙ දාන පාරමිතාවෙ අංග කියලයි ආරංචි...
මෙයට අවුරුදු 12කට විතර කලින් සිලිසිලි මල්ලක තමන්ගෙ ලියුම් කියුම් අඩුම කුඩුම දාගෙන හිටපු ලොකු තැන හම්බුවෙන්න අරලිය ගහ වලව්වට ආපු මුන්නැහේ පස්සෙ කාලෙ මැති ඇමැති පට්ටම් එක්ක ඔට්ටුවෙලා දැන් ලොකු වැඩ කරන පොරක්...
උන්නැහේ මේ වගේ අමුතු විදියට ආධාර කිරිල්ල පටන් ගත්තෙ දකුණු ඉන්දීය චිත්රපටිවල කරන දේවල් දැකල කියලයි ආරංචි.