2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

කකුල් දෙක දෙපැත්තෙලු

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 592

රටේ ලොකු මහත්තය ආණ්ඩුවෙ ඉන්න ජ්‍යෙෂ්ඨම ඇමැති කෙනකුට පසුගියදාක ලොකු ගෝරියක් දැම්ම කියල ආරංචියි...

ඒකට හේතුව පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට එයාගෙන් බලාපොරොත්තු වුණ සපෝට් එක නොලැබුණ බවට ලැබුණ පැමිණිල්ලක්ලු. කලින් පක්ෂයේ ඉහළම මට්ටමේ ලේකම් පදවියක් දරාපු උන්නැහේ කොළඹ කිට්ටුව ආසනයක් නියෝජනේ කරන කෙනෙක්...

ඉතින් උන්නැහේට බරබරේ දාපු ලොකු මහත්තය එයා කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන ඡන්ද ප්‍රතිඵල එනකම් බලා ඉන්නව කියලත් චෝදනාවක් නැගුවලු... ඡන්දෙ දිනාගන්න වුවමනාවක් නැති අය ගැනත් ලොකු මහත්තය මෙතෙන්දි හෙළිදරව්වක් කළා කියල ආරංචියි. ඉතින් මේ විදියට බරබරේට ලක්වුණ ඇමැති තැන පසුගිය කාලෙ අත පාටියෙ දෙගොල්ල සමගි කරන්න කතා කරපු උන්නැහේ කෙනෙක්...

කොහොම වුණත් උන්නැහේ මේ චෝදනා පත්තරේට පිළිතුරැ නොදී නිහඬවම මාරැවුණ බවයි අපට ආරංචි.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00