2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

එව්වා බෙදන්නෙ අරයලු

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 581

ආණ්ඩුවෙ ඇමැති සයිස් මහත්තයෙක් වතුකරේදි හොඳටම පරලවෙලා සැර කතාවක් කළාලු.... කතා කාරයෙක් කටකාරයෙක් බවට ප්‍රසිද්ධ මුන්නැහේ කට නිසා ලොකු ලොකු ජරමරවලටත් කොටුවුණු පොරක්....

ඡන්දෙ වෙනුවෙන් තිබුණ මේ රැස්වීමට ආණ්ඩුවෙ වගේම අත පාටියෙ ලොකු මහත්තයත් ඇවිත් හිටියා....

ඉතින් මේ අය හමුවේ අපේ කටකාර ඇමැති තැන වතුකරේට කුඩු බෙදන දේශපාලන ලොක්කෙකුට හොඳටම දෙහි කැපුවා. නම නොකිව්වට තමන්ගෙ තනතුර පාවිච්චි කරල කුඩු ජාවාරම කරන බවට චෝදනා ලැබුවෙ කව්ද කියල හුඟක් අය සොයන්න පටන් ගත්තෙ මේ කතාවෙන් පස්සෙලු....

එතන වේදිකාවෙ අසුන්ගෙන හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලුතුමාලත් කුටු කුටු ගාමින් ඇහුවෙ මතට තිත තියන්න ආපු ආණ්ඩුවෙ හොඳ නම කුඩේ කුඩුවෙන විදියට මේ කුඩු ජාවාරම කරන්නෙ කව්ද කියලයි...

ඒ වෙලාවෙ වතුකරේම ඉන්න ජ්‍යෙෂ්ඨයෙක් මේ කියන්නෙ කවුරු ගැනද කියල හීන්සීරුවෙ හෙළිදරව් කළාලු....

අන්තිමට බැලින්නම් ඒ කියන උන්නැහෙත් ආණ්ඩුවෙ ඉඳන් එක මල්ලෙ ලුණු කන හාදයෙක් කියල හෙළිවෙලා. ඒ කතාව හරි දිගම... කතාවක් නිසා මීට වඩා කියන්න බැහැ.