2017 ජනවාරි 07 වන සෙනසුරාදා

දේශපාලන අණක්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, ප.ව. 06:00 723

ආණ්ඩුවට ආදායම එකතුකරන එක්තරා ප්‍රබල දෙපාර්තමේන්තුවක් නවීකරණය කරන්න වැඩකරගෙන යනව. ඉතින් එතෙන්දි අලුතින් පරිගණක ජාලයක් හදන්න පරිගණක යන්ත්‍ර පන්සීයක් විතර ඕනය කියල තාක්ෂණික සේවා සැපයුම් ආයතනය තීන්දු කළා... ඒ අනුව මේ දෙපාර්තමේන්තුවේ මහ පුටුවෙ ඉන්න නීතිගරුක නෝනා මහත්තයා රටේ පිළිගත් ටෙන්ඩර් පටිපාටිය අනුව කොමිපියුටර් 500ක් ගන්න තීරණය කළා. ඒ අනුව ටෙන්ඩර් කැඳවන්න කලින් විෂය භාර දේශපාලන ලොකු මහත්තයගෙන් අවසරය ගන්න ලියුමකුත් ඉදිරිපත් කළා...

ඒත් ඒ ලියුම අනුව කටයුතු කිරීම පැත්තකින් තියලා අහවල් තැනින් මේ යන්ත්‍ර ටික බද්දට ගන්න කියලා දෙපාර්තමේන්තු නෝනට දේශපාලන අණක් ලැබුණලු... ඒත් රටේ නීතිය හොඳින් දන්න දෙපාර්තමේන්තුවෙ ලොකු නෝනා වැරදි වැඩ බැහැ අපි කරන්නෙ නිත්‍යනුකූල වැඩ පමණයි, කියලා මේ දේශපාලන ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කළා කියලා ආරංචියි...

ඒනිසා රටටම ආදායම හොයන දෙපාර්තමේන්තුවෙ පරිගණක ජාලය නවීකරණය කිරීම එහෙමම ඇණ හිටලලු. ඒකෙන් ආයතනෙ වැඩත් අඩාලයි ලු... මෙහෙම ගියොත් රටට ආදායම සෙවිල්ල චකබ්ලාස් වෙයි කියලයි එතන සේවකයො කියන්නෙ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00