හැම ඡන්දෙකදිම ලොකු රෝල් එකක් කරන ආණ්ඩුවෙ ප්‍රබලම ඇමැති සයිස් මහත්තයෙක් දැන් වැඩිපුර “සීන්” එකේ නැතිලු....
ඡන්ද කාලෙ කවදාවත් රට යන්නෙ නැති උන්නැහේ පසුගිය දවස්වල හිටියෙ රට ගිහිල්ලලු. අත පාටියෙන් අලි පාටියට ඇවිල්ල ලොකු වැඩකරපු මුන්නැහේ මෙහෙම කරන්නෙ ඇයි කියන එක අලි පාටියෙ පසුපෙළටත් ගැටලුවක්ලු.
දේශපාලනේදි හුඟක් ආන්දෝලනාත්මක තීන්දු ගන්න උන්නැහේ ගහපු සමහර තීන්දු ආණ්ඩුවම ආපස්සට හරවන්නත් යනවා කියලා මේ දවස්වල කියැවෙනවා.
ඉතින් උන්නැහේ මෙහෙම කරන්නෙ දේශපාලන කරණමකට සැරසිලා යැයි සමහරු කියනවා. ඒත් උන්නැහේ තවම නිහඬයි...
ඒ නිශ්ශබ්දතාවයම විශාල සද්ද බද්දවලට හේතුවෙලා කියලා දකුණෙ මිනිස්සුත් කියනවා.