2018 ජනවාරි 20 වන සෙනසුරාදා

අමුතු පිළිගැනීමක්

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1021

හිටපු ලොකුතැන යන ඡන්ද රැස්වීම්වලදි උන්නැහේ පිළිගන්න බුලත් අත් එහෙම දෙන්න එපා කියල කොන්දේසියක් පනවලලු.

ඒකට හේතුව බුලත් අත දුන්නම ඒක පිළිගන්න ගමන්ම ඉහළට ඔසවල ආචාර කරන්න සිදුවීම කියලත් ආරංචියි....

මේකෙ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවනි... ඒත් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන අය බුලත් කොළේට අකමැති නිසාලු මෙහෙම කොන්දේසියක් දැම්මෙ....

බුලත් කොළෙන් ඡන්දෙ ඉල්ලන්නෙ රටේ ලොකු මහත්තයයි කස්ටිය. හිටපු ලොකු තැනගෙ කස්ටිය ඉල්ලන්නෙ පොහොට්ටුවෙන්. ඉතින් ඡන්ද වේදිකාවෙ බුලත් කොළේ තිබුණොත් ඡන්ද දායකයො අප්සෙට් ගහනවය කියලා දැනිලා හිටපු ලොකු තැන පිළිගන්න බුලත් වෙනුවට නෙළුම්මල් පොකුරක් දෙන්න නියම කරලලු.

 

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00