වේදිකාවෙ ගහ මරාගන්න දේශපාලන පක්ෂ දෙකක ඡන්ද කටයුතු එකම ගෙදරක ඉඳන් මෙහෙයවනව කියන අපූරු කතාවක් උඩරට පළාතෙන් වාර්තා වුණා....
අපට තොරතුරු ලැබිච්ච විදියට මෙයින් එක පක්ෂයක් පොහොට්ටුව. අනෙක් පක්ෂය බුලත් කොළේ. ඉතින් මේ පක්ෂ දෙක එකම වහළක් යට ඉඳන් දේශපාලන ඔපරේෂන් එක කරන්නෙ විශේෂ හේතුවක් නිසාලු. මෙයින් එක පක්ෂයක් මෙහෙයවන්නෙ ලොකු තාත්ත. අනෙක් පක්ෂය මෙහෙයවන්නෙ එයාගෙ ඥාති පුත්‍රයා. මේ දෙන්නම කලින් හිටියෙ ගිය ආණ්ඩුවෙ....
එකම වලව්වට උරුමකම් කියන මේ දෙන්නගෙ ගෝල බාලයොත් එකම ගෙදර සාමයෙන් සමගියෙන් ඡන්ද ප්‍රචාරක වැඩට දායක වෙනවලු... සමහර වෙලාවට පොහොට්ටු කස්ටියගෙ වැඩවලට බුලත් කොළේ අය උදව් දෙනවලු... ඒ වගේම බලුත් කොළේ වැඩටත් ඇතැම් විට පොහොට්ටුවෙ කස්ටිය උදව් වෙනවලු.
අමුණු ගොඩක් නිසා උඩරට පළාතෙ ගමක සිද්ධවෙන මේ අමුතු දේශපාලන වැඩෙන් අපට කියාදෙන්න පටු දේශපාලන බැම්මට වඩා ඥාතීන්ගේ ලේ බැම්ම හුඟක් ශක්තිමත් කියන එකයි.