2018 ජනවාරි 13 වන සෙනසුරාදා

උන්නැහේ කනස්සල්ලෙන්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 514

පසුගිය අලිපාටි සම්මේලනේදි තමන්ට හරියට සැලකුවෙ නැහැ කියල පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ කෙනෙක් අප්සෙට් එකේ ඉන්නවය කියලා ආරංචියක් යනවා...

පක්ෂයේ දෙවැනි තුන්වැනි මට්ටමේ නිලයක් දැරුවට උන්නැහේට අසුන් ගන්න ආසන පනවල තිබුණේ ජ්‍යෙෂ්ඨත්වයට නොගැලපෙන තැනකලු...

ඒ වගේම මීටිමේ කතාව දීලා තිබුණෙත් අන්තිම හරියෙලු... පක්ෂයේ ඉහළ තනතුරු දැරූ නායකයන්ගෙ පවුලකින් පැවත එන මුන්නැහේ තමන්ට මෙහෙම දෙයක් සිදුවීම ගැන හිතවත් සගයන් සමඟ සිය දැඩි කනස්සල්ල පළකරමින් ඉන්න බව ආරංචියි.