2018 ජනවාරි 06 වන සෙනසුරාදා

හොරු ඇල්ලිල්ල

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 581

අලි පාටියෙ පසුපෙළ කස්ටිය කිහිපදෙනෙක් අලුත් වැඩකට සූදානම් වෙනවා කියලා ආරංචියක් යනවා. මේකට නායකත්වය දෙන්නෙ තරුණ පහේ ඇමැති සයිස් දෙතුන් දෙනෙකුත් ඉන්නවලු.

බැඳුංකර ජරමරේ නිසා තමන්ගෙ පක්ෂයෙ ලොකු ලොක්කන්ට හොරු හොරු කියලා චෝදනා කරන පුටු පාටියෙන් ආණ්ඩුවට ඇවිත් හොර නාමෙ ගාගත්ත දෙතුන් දෙනෙක් හොරකමේ එළිකිරීමලු මේ අලුත්ම ව්‍යාපෘතිය...

තමන්ට හොර ලේබලේ අලවන්න හදන පුටු පාටියෙ චෝදනා ලත් අයගෙ කතන්දර කිහිපයක් දැන් මෙයාලා සොයාගෙනලු... ඉතින් ඒව එක එක එළියට අදින්නලු දැන් සූදානම... මේ ආණ්ඩුව ගේන්න මුල්ම වෙඩිමුරේ තිබ්බ ඌව පළාත දේසපාලන ලොක්කෙකුත් මේ වැඩේ ඉන්නවලු... උන්නැහේ පසුගියදා කරපු දේසපාලන කතාවකදී එයාල කරන්න යන මේ කටයුත්ත ගැන චුට්ටක් විතර විස්තර කිව්වා කියලත් ආරංචියි.