2018 ජනවාරි 06 වන සෙනසුරාදා

තට්ටු කළාට දොර නෑරේ

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 504

පසුගියදාක පොලිස් වෙච්ච කන්තෝරුවක ලොකු මහත්තයෙක් ජාතියේ මුදුන්මල්කඩ වගේ පුණ්‍ය භූමියක වන්දනාවට ගියා. අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ පුණ්‍ය භූමියට ගිය උන්නැහේ රාජ රාජ මහා මාත්‍යාදීන් ඇතුළු‍වෙන රිදී දොරින් ඇතුළට යන්නයි ට්‍රයි කළේ.

ඒත් එතන අණ ආඥාව භාර නායක හාමුදුරැවන්ගෙ පූර්ව අවසරේ නැති නිසා උන්නැහේට රිදී දොර ඇරුණෙ නැතිලු... ඒ නිසා අර ලොකු මහත්තයට සෑහෙනවෙලා හිටගෙනම දොරට තට්ටු කර කර ඉන්න වෙලා...

රටේ වැදගත් පට්ටමක් දරන මුන්නැහේ මෙහෙම දොර ළඟ හිටගෙන ඉදෙද්දි එතනින් ආව එක්තරා නිලමෙ කෙනෙක් මේ දොරෙන් ඇතුළුවෙන සම්ප්‍රදාය ගැන උන්නැහේට පොඩි දේසනයක් දීල කල්යල් බලල යන්තම් ඇතුළට ගත්ත කියල තතුදත් අය කියනව.