2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ඡන්ද අපේක්ෂකයට පළතුරු පූජාවක්

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 337

වතුකරේ ඡන්දෙ සටන උග්‍රවෙලා... මහපක්ෂ එක්ක ඈඳුණ වතුකරේ පක්ෂ ගණනාවක් තමන්ගෙ ගොඩ වැඩිකරගන්න ලොකු සටනක් දෙනව... එහෙම කරනකොට හරි අමුතු අමුතු හිතන්න බැරි වැඩත් සිද්ධවෙනව කියල ආරංචියි.

වතුකරේ පක්ෂයක නායකකම් කරන වතුකර දේශපාලනේ පතාක යෝධයෙක් හැටියට පිළිගැනෙන එක්තරා නායකයෙක් පසුගියදා වෙනත් පක්ෂයක ප්‍රාදේශීය සභා ඡන්ද අපේක්ෂකයෙක් තමන්ගෙ ගොඩට බාගන්න හරියට දෙවියන් ළඟට යනකොට වගේ පළතුරු වට්ටියකුත් අරන් අර ප්‍රාදේශීය ඡන්ද අපේක්ෂකගෙ දෙපා මුලට ගියා කියන එක වතුකරේ ආන්දෝලනාත්මක පුවතක් වෙලා...

වතුකර දේසපාලනේ අපූරු මෑන් කෙනෙක් වන මුන්නැහේගෙ සීයල රජවෙලා හිටපු පළාතෙ එයාගෙ බලය අඩුවේගෙන යන නිසා තමන්ගෙ ගොඩවැඩිකරගන්න උන්නැහේ අහසින් පොළවට බැහැල ඉන්න බවයි එහෙන් ආරංචිවෙන්නෙ... යන්ත්‍ර මන්ත්‍ර යාග හෝම කර කර ඡන්ද දිනාගන්න ට්‍රයි කරන උන්නැහේ පසුගියදාක ඉන්දියාවෙ දේවාලෙකට දෝලාවෙන් ගියා කියලත් ප්‍රසිද්ධ වුණා.