2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

පෙරහර ගිහිල්ලා තියේවි

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1147

අත පාටියෙන් පොහොට්ටුවට එනවය කියාපු සබරගමුවෙ ලොකු මහත්තයෙක් පසුගියදාක හිටපු ලොකු තැන මුණගැහුණලු.

කලින් කියපු කතා වෙනස් කරල උන්නැහේ තවම වැට ළඟ හිටියත් තවත් කිහිපදෙනෙක් තමන්ගෙ ඔඩොක්කුවට පනින්න හදන බව හිටපු ලොකු තැන මුන්නැහේට මතක් කරල... ඒ වෙලාවෙ සබරගමුවෙ ජ්‍යෙෂ්ඨය කියල තියෙන්නෙ තමන් එන්නම තමයි හිතා හිටියෙ. ඒත් ඒ තීන්දුව ඡන්දෙන් පස්සෙ ගන්නයි හිතන් ඉන්නෙ කියලා...

ඊටපස්සෙ හිටපු ලොකු තැන ඇහුවෙ පළාත් සභාවට ඡන්ද තියනකොටද තීන්දුව ගන්නෙ කියලලු... එහෙම තමයි හිතන් ඉන්නෙ කියල සබරගමුවෙ හිතවතා උත්තර දීලා... ඊටපස්සෙ බැරූරැම් මුහුණක් මවාගත්ත හිටපු ලොකු තැන මෙහෙම කිව්ව කියලා ආරංචියි...

හැබැයි ඕන වෙලාවෙ එන්නෙ නැතුව තමන්ගෙ අයට නාමයෝජනා ගන්න නම් එන්න එපා... එතකොට පෙරහර ගිහිල්ල තියේවි... හිටපු ලොකු තැන කිව්වා. සබරගමු හිතවතා කතා කළේ නැහැ. නිහඬව හිටියා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00