2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

දියවන්නාවේ අමුතු ටොෆිය

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 837

දියවන්නා කවුන්සිලේ මීටින් තියන වෙලාවට නිදිසුව විඳින කිහිපදෙනෙක් ඉන්නවලු... මෙහෙම නිතරම වගේ නිදිසුව විඳින්නෙ ඌවෙන් ගම්පහ දිසාවෙන් පත්වෙච්ච ලොකු ලොකු පට්ටම් දරන දෙතුන් දෙනෙක්ලු.

රැස්වීම්වල ඉන්න ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට මේ විදියට ඇස් පියවීම නිරීක්ෂණය කළ ආණ්ඩුවෙ විද්‍යා සහ තාක්ෂණය භාරව රාජ්‍ය මට්ටමින් වැඩකරන ඇමැති සයිස් මහත්තයෙක් ඔය කුකුළු නින්දට වැට බඳින්න බෙහෙතක් තමන්ගෙ අමාත්‍යංශ කස්ටිය ලව්ව නිෂ්පාදනය කෙරෙව්වලු. මේක පැණි රසට හුරු අමුතු රසයක් දෙන ටොෆියක්... පර් යේෂණ මට්ටමින් කරපු නිෂ්පාදනේ දැන් සාර්ථක වෙලා කියලත් ආරංචියි.

මේ ටොෆිය හදන්න කුරුඳු, ගම්මිරිස්, සුදු ලූනු වගේ දේශීය නිෂ්පාදන යොදාගෙන කියලත් තතු දත් අය කියනව. ඉතින් පර් යේෂණය හමාර වුණාට පස්සේ මේක ටෙස්ට් කරල බලන්න අපේ ඇමැතිතුමා දියවන්නා කවුන්සිලේම වැඩ කරන නිලධාරි හත් අට දෙනෙකුට ටොෆිය දීල බැලුවලු... එයාලගෙන් ලැබුණු ප්‍රතිචාරෙ හොඳ නිසා ළඟදිම දියවන්නාවෙ නිදාගන්න ජ්‍යෙෂ්ඨ උත්තමයන්ටත් මේ ටොෆි දෙන්නලු යන්නෙ. 

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00