2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

මැච් දිනන්නත් සාත්තර

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 421

දැන් හැමතැනම සාත්තර. ක්‍රිකට් මැච් දිනන්නත් සාත්තර බලන රටක් බවට අපේ රට පත්වෙලා. අනික මේ මැච් පැරදිල්ල ගැන වදවෙන ඇමැති සයිස් දේසපාලකයො ක්‍රිකට් ක්‍රීඩකයෝ සාත්තර බලන්න යොමු කිරීම ඔවුන්ගේ ආත්ම ශක්තිය බාල්දු කිරීමක් කියලයි ක්‍රිකට් ප්‍රේමීන් කියන්නේ. අපේ අය ඉන්දියාවට ගිහිල්ල හිටු කියල මැච් පරදිනකොට එක්තරා දෛවඥවරියක් ලවා ලබාගත්ත අනාවැකියක් ගැන පසුගියදා ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයක් යොමුවුණා.

ඉන්දියාවෙ තරගෙ දිනන්න නම් එක් ක්‍රීඩාකයෙක් නිරුවතින් නාන්නලු. තවත් කෙනෙක් ඔළුවෙන් හිටගෙන නාන්නලු. තවකෙනෙක් දෙහි බොන්නලු. ඊළඟ කෙනා මත්පැන් බීමෙන් වළකින්නලු (ඒක නම් කොහොමත් හොඳයි) තවත් ප්‍රවීණයෙක් දකුණු පැත්තෙන් ඇඳෙන් බහින්න ඕන කියල දෛවඥවරියන් මේ අනාවැකියේ තිබුණලු. 

ඒ බව මේ ශාස්ත්‍රය කිව්ව කෙනා තමන්ගෙ බුකියෙත් ලියල තිබුණ බවයි ආරංචි... අපේ ක්‍රීඩකයො මැච්එකට කලින් මේ කියපු උපදෙස් පිළිපැද්දද කියල අපි දන්නෙ නැහැ. අන්තිමේ කොහොමහරි වුණේ මැච්එක ලකුණු සිය ගණනකින් පැරදීමයි...

ඉතින් ඒ නිසා දැන්වත් සාත්තරවලින් මැච් දිනන්න ට්‍රයි නොකර හැකියාව මුවහත් කරගත්තොත් හොඳයි කියල ක්‍රිකට් ප්‍රේමීන් කියනව. 

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00