රට පුරා එකපාරටම පෝර හිඟයක් පටන්ගත්තෙ ටෙන්ඩර් කේස් එකක් නිසා කියලයි ආරංචි. පෝර වර්ග කිහිපයක හිඟයක් ඇතිවෙන්න ඉඩදීල වෙනද පෝර ගේන ක්‍රමේ අමතක කරල ඊයේ පෙරේදා අටවගත්ත කොම්පැනියකට පෝර ගෙනඒමට අවසර දෙන්න ආණ්ඩුවෙ එක්තරා දේශපාලන බලධාරියෙක් කටයුතු කළාලු...
ඒහින්ද පෝර හිඟවෙලා ගොවි මහත්තුරු නන්නත්තාර වුණා. ඉතින් මේ බව ඉව වැටිච්ච ඇමැති කස්ටියක් පසුගිය කැබිනට්ටුවෙදි කතන්දරේ එළියට ඇදල.
තමන්ගේ මල්ල පුරෝගන්න ගොවිජනතාවත් වගාකරුවොත් අපහසුතාවට පත්කළ දේශපාලන ලොක්කන්ට හොඳටම බැට දුන්නලු. අන්තිමේදී මේ වැඩේ අහවල් නායකගෙන් රටේ නායකතුමා භාර අරන් පකිස්රටෙන් පෝර ගේන්න තීන්දු කළා. දීල තිබුණ ටෙන්ඩරුත් කැන්සල් කළාලු.
ඒත් ඒ වෙනකොට රටේ ජනතාවගෙන් ආණ්ඩුවට බැණුම් කෝටියක් විතර අහලම ඉවරයි...