ඒකාබද්දෙ කස්ටියගෙ මණ්ඩලේ කචල් එකක් දියත්වෙලා කියලා තිරය පිටුපස කතාවක් යනවා...
ශ්‍රී:ල:නි:ප:ය සමඟ දීගෙක යෑම ගැන කළ සාකච්ඡාව නිසා මේ කචල් එක දියත්වෙලා කියල ආණ්ඩු පක්ෂයෙ මන්තිරි කස්ටිය ගිය බදාද දියවන්නා කවුන්සිල් ලොබියෙ එක කතාවයි...
නම් ගම් සඳහන් නොකළත් හිටපු ලොකු තැනට නැතුවම බැරි දෙන්නෙක් මේ ආණ්ඩුවෙදි දෙපැත්තක් මෙහෙයවනව කියලා අලි පාටියෙ කළුතර පැත්තෙ ලොක්කෙක් කිව්වා...
මේ බෙදීමට පක්ෂ, විපක්ෂ මන්තිරි කණ්ඩායම් දෙකක් දෙපැත්තට සපෝට් කිරීම නිසා වැඩේ වැවිල කියලයි මෙතෙන්දි කතා වුණේ. තියන රණ්ඩුව නිසා කරපු කපුකම් කඩාකප්පල් වෙලා දෙගොල්ලගෙ කසාදෙ නොකෙරෙන එක ගැන හැමෝම සතුට පළ කළා කියලත් ආරංචියි.
නාමයෝජනා කැඳවන්නත් කළින් කළුතරට ඇප බැන්දෙ සාම කතාව ඔළුවෙන් හිටවන්න ඕන නිසා බව මේ කතාවට මුලපුරපු කොළඹ දිසාවෙ මහ අලියෙක් ප්‍රකාශ කළාලු.