2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

හිරිඇර ගැනිල්ල

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 447

ඒකාබද්දෙ කස්ටිය වතුකරේ දේශපාලනනේට ආවොත් අතපය හිරි ඇරල පිටත් කරනව කියල ඇමැති සයිස් බලවතෙක් කිව්වය කියල කොළඹ දේශපාලන කන්තෝරු ගණනක කතා වුණා.

මේ කතාව කිව්ව වතුකර බලවතා ගිය ආණ්ඩුව කාලෙත් පොඩි පට්ටමක් දරාපු කෙනෙක්ලු... වතුකරේට රජවෙන්න නොයෙක් දේශපාලන ඉත්තො අදින මෙයාගෙ කතාව අහපු ඒකාබද්දෙ කස්ටියත් කැත්තට පොල්ල වගේ තීන්දුවක් ගත්ත කියල ආරංචියි...

ඒ අනුව ඇමැතිතැනගෙ දිගක් - පළලක් නැති කතාවට උත්තර දෙන්න එයාල අද හෙටම වතුකරේට යන්න තීන්දු කරලා.
“ඔන්න ඇමැතිතුමෝ තමුන්නැහේට අතේපයේ හිරි ඇරගන්න අපි ඔය පැත්තෙ එනවෝ.* කියල යන්න කළින් උන්නැහේට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්නත් ඒකාබද්දෙ කටකාර ලොකකෙක් සූදානම්ලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00