2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ඇමැතිට වාතයක් වූ තදයෙක්

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 815

ආණ්ඩුවෙ අලි පාටියෙ ලොකු නිලේකුත් දරන ඇමැති පට්ටමේ මහත්තයෙකුට පසුගියදාක උන්නැහේලයි පක්ෂයෙ ලොකු මහත්තය ලොකු බරබරයක් දැම්ම කියල දැනගන්න තියනව ඒකට හේතුව ඇමැතිතුමාගෙ අමාත්‍යංශෙ පාලනයට උන්නැහේගෙ මස්සිනා. කෙනෙක් කරන බලපෑම් ගැන ලොකු මහත්තයට පැමිණිලි පිට පැමිණිලි ලැබීමලු.

හැමදාම ඇමැතිතුමා නැති වෙලාවට අමාත්‍යංශයට පැමිණෙන මේ මහත්තය නිලධාරින්ට ඉටු කරන්න බැරි නියෝග දෙනවලු. සමහර නියෝග නීතියටත් එකඟ නැතිලු.

ඉතින් මේ නියෝග දෙන්නෙ ඇමැති තැනගෙ පවුලෙම කෙනෙක් නිසා පීඩාවට පත්වුණ නිලධාරි කස්ටිය හොරෙන්ම ඉහළට පැමිණිලි කිරීමෙන් පස්සෙයි වැඩේ පත්තු වුණේ.

කොහොම හරි මේ හුටපටේ ගැන ලොකු මහත්තයාගෙන් හොඳ දේශනාවක් අහගෙන “තක්බීර්” වෙලා ඉන්න බලවත් ඇමැති තැන මැදපෙරදිග ගිහිල්ල දේව ආශිර්වාද ගන්නත් තීන්දු කළ බවයි ආරංචි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00